IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බදුල්ල - අඹේවෙල දුම්රිය මාර්ගය අනිද්දා ඇරේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)


බදුල්ල අඹේවෙල දුම්රිය මාර්ගය අනිද්දා (20)  විවෘත කරන බව ප්‍රවාහන නියෝජ්‍ය  අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද  (18) පැවසීය.

මඩකළපුව   මාර්ගය සහ කන්කසන්තුරේ මාර්ගය ජනවාරි පළමු වැනිදා   විවෘත කරන බව ඔහු කීය ගුණසේන මහතා මෙසේ පැවසුවේ කාලගුණ ආපදාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙසේද කීය

ත්‍රිකුණාමලය මාර්ගය මුළුමනින්ම විවෘත කරලා තියෙනවා.   අනිද්දා බදුල්ලේ ඉඳලා අඹේවෙල  දක්වා කොටස විවෘත කරනවා.‍

එය  සංචාරක කර්මාන්තයටත් වැදගත් වෙනවා. ජනවාරි පළමුවැනිදා   වෙනකොට උතුරු මාර්ගයේ කංකසන්තුරේ  දක්වාම ධාවනය කරවනවා. දැන් යන්නේ මහවට විතරයි. පුත්තලම මාර්ගයේ දැනට නාත්තන්ඩිය  දක්වා ධාවනය වෙනවා.  ඒක අපි හලාවත දක්වාම දීර්ඝ කරනවා. ජනවාරි පළමුවැනිදා වෙනකොට මඩකළපු මාර්ගයත්  සම්පූර්ණයෙන්ම විවෘත කරනවා.

වත්තේගම මාතලේ කොටස ජනවාරි 15  වෙනකොට විවෘත කරනවා. එතන දුම්රියක් හිර වෙලා තියෙනවා. පාර තාවකාලිකව හදලා දුම්රිය එළියට ගන්න කටයුතු කරනවා. පෙබරවාරි  පළමු වැනිදා වෙනකොට තලේමන්නාරම මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා.



 

 



අදහස් (0)

බදුල්ල - අඹේවෙල දුම්රිය මාර්ගය අනිද්දා ඇරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 915 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 627 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site