
(නිමල කොඩිතුවක්කු)
කින්නියා පාලම් පාරුවෙහි සිදු වූ අනතුර හේතුවෙන් එම ප්‍රදේශයේ දරුවන්ගේ පාසල් ගමනට මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ගමන් පහසුව සඳහා ගොඩබිම් මාර්ගය හරහා ගමන් කිරීමට බස්රථ යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.
එම ජනතාවට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන තෙක් ලංගම බස් රථ යොදවා අඛණ්ඩව ප්‍රවාහන සේවා සැපයීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.
නියමිත කාලසටහනකට අනුව අවශ්‍ය තරම් බස්රථ යොදවන ලෙස ඩිපෝ අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

