ක්‍රම -විධි කාරක සභා ලොකු පුටුව විජේසිරි බස්නායකට


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා තේරී පත්විය. 

එම කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ බැවින් මෙම කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා තේරී පත් වූ අතර ඒ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රුවන් රණසිංහ මහතා විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් ස්ථිර කරන ලදී.