(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
කලුතර දිස්ත්‍රික්කයේ බේරුවල කලුතර පානදුර සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පානීය ජල ගැටලුවට මුහුණ දෙන ලක්ෂයකට අධික ජල පාරිභෝගිකයන්ට පානීය ජලය රජය මගින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කරයි.
එහෙත් එම ජල ටැංකි වෙත බවුසර් මගින් පුරවන ජලය ඉතා අපිරිසිදු මඩ සහිත ජලය බව ජනතාව ප්‍රකාශ කරන අතර එම ජල ටැංකි ස්ථාපිත කර ඇත්තේත් ඉතාම අපිරිසිදු වටපිටාවක බව ජනතාව පෙන්වා දෙයි.

මෙම ඡායාරූපයෙන් පෙනෙන්නේ බේරුවල මැතිවරණ කොට්ඨාසයේ ස්ථාපිත කර ඇති ජල ටැංකියක් අපිරිසිදු වටපිටාවක තබා ඇති ආකාරයයි.

