(ඩී.ජී.සුගතපාල)
කන්‍යා සොහොයුරියක්විම සඳහා ගාල්ලේ කන්‍යාරාමය ඉගෙන ගනිමින් සිටි තරුණියකගේ සිරුරක් කන්‍යාරාමයේ ඉහල මාලයේ ජනේලයක එල්ලි තිබියදී සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මිගමුව පොලිස් වසමේ කිඹුලපිටිය දමින්නගහවත්ත පදිංචි 25හැවිරිදි තරුණියකි.
පොලිස් පරික්ෂණවලදි අනාවරණයවි ඇති ආකාරයට මෙම තරුණිය කන්‍යා සොහොයුරියක්විම සදහා ඉගෙන ගැනිමට 2021 ජනවාරි මාසයේ පැමිණ ඇති අතර තමාගේ පුද්ගලික කටයුතු අවසන් කිරිමෙන් පසු තම නිවුන් සහෝදරිය සමග රූපවාහිනිය නරඹා ඇත.
පසුව සහෝදරිය තවත් යෙහෙළියන් දෙදෙනෙකු සමග පාඩම් කිරිමට ගොස් පාඩම් කිරිමෙන් පසුව නිදන කාමරයට ගොස් ඇති අතර එවිට ඇය නිදන කාමරයේ නොසිටි නිසා සියලු දෙනා එක්ව සොයා ඇත.
පසුව ඔවුන් ඒල්ලෙමින් තිබූ සිරුර සොයාගෙන තිබේ
මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේදි අද පැවැත්විමට නියමිත අතර ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

