(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධීව මුහුදු මගින් ඕස්ට්‍රේලියා බලා යාමට උත්සහ කළ පුද්ගලයන් 17 දෙනකු එරාවුර් පුණ්නක්කුඩි වෙරළේ විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුහුදු මගින් විදේශ ගත වීම සදහා පිරිසක් වෙරළ තීරයේ රැදී සිටින බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
ඊට අනුබල දුන් පුද්ගලයා ද රුපියල් 17, 10000 මුදලක් සහ පිරිස රැගෙන ආ වෑන් රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් පුද්ගලයන් මුලතිව් පේදුරුතුඩුව යාපනය කිලිනොච්චි හා වැල්වැටිතුරේ පදිංචිකරුවන් ය
මොවුන් සමග රුපියල් ලක්ෂ 17 අධික මුදල් සහ පිරිස ප්‍රවාහනය කළ වෑන් රථයක් ද විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත.
පිරිස අතර පිරිමි පුද්ගලයන් 16 හා එක් කාන්තාවක් සිටි බව විශේෂ කාර්ය බලකාය කියයි.