ඕනෑම මැතිවරණයකට මුහුණදෙන්න එජාපෙ සූදානම්


(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට පුළුල් සන්ධානයක් යටතේ මුහුණදීමට එක්සත් ජාතික පෙරමුණ සූදානම් බවත්, එහි ඡන්ද ලකුණ පවා මේ වන විට තීරණය කර අවසන් බවත් එම පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

එම සන්ධානය පිහිටුවීමේ කටයුතු ලබන සතිය වනවිට අවසන් කර ජයග්‍රහණය කරා යා හැකි අගමැති අපේක්ෂකයෙක් ද නම් කරන බව රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

එයට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකත්ව මණ්ඩලයක් පත්කරන බවද සේනාරත්න මහතා කීවේය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.