(පද්මසිරි ගාර්දියවසම්)
කතරගම පොලිස් වසමට අයත් සෙල්ල කතරගම ,අක්කර 20 වැවේ ඔරු පැදීමට මිතුරන් පිරිසක් සමග ගිය තරුණයෙකු අද (7) සවස 6 ට පමණ ඔරුව පෙරළී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කතරගම පොලිසිය පවසයි .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක 31, අක්කර විස්ස, සෙල්ල කතරගම ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ චමෝද් දිල්ශාන් නමැති 18 හැවිරිදි තරුණයෙකි .
වැවේ ගිලී ජීවිතක්ෂයට පත් තරුණයාගේ දේහය ගොඩට ගෙන කතරගම රෝහලේ තැන්පත් කර ඇත.
කතරගම පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .