එජාපයේ අරගලය අවසන් වන්නේ ජනාධිපති ධුරයත් ලබාගෙනයි


(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
එජාපයේ අරගලය අවසන් වන්නේ අගමැති ධුරය පමණක්  නොව ජනාධිපති ධුරයත් ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ලබාගෙන යැයි එජාපයේ ගාල්ල දිස්ත්‍රික් නායක හා  ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.


 අද (24) ගාල්ල උළුවිටිකේ පැවති එජාප ගාල්ල දිස්ත්‍රික් සංවිධානයේ රැස්විමේද මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය හෙතෙම මේසේද කිවේය.


දැන් තියෙන්නේ හැංගිමුත්තම් ආණ්ඩුවක්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එජාපය සමග  දේශපාලන පක්ෂ එකට එකුවෙලා ඉන්නවා.  ආණ්ඩුවෙන් තව තුන්දෙනෙක් හතර දෙනෙක්  පස් දෙනෙක් එන්න ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදිව මේ අරගලය විසදාගන්න වෙනවා. ආණ්ඩුක්‍රම වි්‍යස්ථාව අනුව අගමැති ඉවත් කරන්න බැහැ.19 වැනි සංශෝධන අනුව  අගමැති ඉවත්කරන්න ඔහු  මිය  ඕන. නැතිනම් මන්ත්‍රි ධුරය නැතිවෙන්න ඕනෑ.


26 වැනිද  නිති විරෝධිව අගමැතිවරයෙක් පත් කළා .පත් කිරිම ව්‍යවස්ථා විරෝධියි. නිවස බදු දුන්නේ වසර  05කට නමුත් ගිවිසුම මැද්දෙ.න් කැඩුවා හොරෙන් වෙන කෙනෙක් පත් වෙනවා. ව්‍යාජ කෙනෙක් පත්වෙනවා  මේ ව්‍යාජ අගමැති ඉවත් කරන්න නිතියට අනුව කටයුතු කරන්න වෙනවා.  නිත්‍යානුකුල ක්‍රමවේදයකට අනුව තමයි එය කළ යුතු වන්නේ...


රටම  අද බරපතල ප්‍රශ්නයකට  මුහුණ දිලා තියෙනවා. සංචාරකයින් එන්නේ නැහැ. රටේ හෝටල් වැහැලා. දැන් සංචාරකයින් නැහැ. සංචාරක ව්‍යාපාරයේ නිරත  සියලු වාහන කොට උඩ...


අපි පාර්ලිමේන්තුව ඇතුලේ විශල අරගලයක් කළා.  මේ ආණ්ඩුවේ අය  හැංගමුත්ත කාරයින් වගේ හැසිරෙනවා. අද අගමැතිවයෙක් අමාත්‍ය මණ්ඩලයක් නැහැ. ආණ්ඩුවක් නැහැ. මාධ්‍ය ආයතන  වහල් ආයතන බවට පත් වෙලා . අයිතිකරුවන් වහල්  බවට පත්වෙලා  යැයිද  ද  මන්ත්‍රිවරයා කිවේය.