ඉහළ නිලධාරීන් පත්කිරීමේදී ජ්‍යෙෂ්ඨයන්ට ප්‍රමුඛත්වය දෙන්න’යි ජනපති නියෝගයක්


(රංජන් කස්තුරි)


රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ඉහළ තනතුරුවලට පත්කිරීමේදී අමාත්‍යාංශයක අතිරේක ලේකම් මට්ටමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කරන්නැයි ජනාධිපතිවරයා සියලුම අමාත්‍යාංශවල ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.


රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථා මණ්ඩලවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කර ඒ පිළිබඳව තමාට දැනුම් දෙන්නැයි ද ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති චක්‍රෙල්ඛයක සඳහන් වේ.


සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීමේදී කිසිදු දේශපාලනික පක්ෂ පාතීත්වයක් නොලැබෙන අයුරින් ක්‍රියාකරන්නැයි ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ එම චක්‍රලේඛයේ සඳහන් වේ.