ඉරණමඩුව ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි


 (සිතුම් චතුරංග)

අධික වර්ෂාවත් සමඟ ජලමට්ටම ඉහළයෑම හේතුවෙන් කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් දොරටු හතරක් ඊයේ (28) උදැසන විවෘත කළ බව දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය පවසයි.

කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් රූපවති කේදීශ්වරන් මහත්මියගේ සහභාගීත්වයෙන් ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සිදුකෙරිණි .

ජලාශයේ වාන් දොරටු හතරක් අඩිය හා අගල් හය බැගින් විවෘත කිරීම සිදුකළ බව දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය සඳහන් කළහ.

දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය පැවසූවේ ඉරණමඩු ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් වාන් ඇළ දෙපස ජිවත්වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසත් කිලිනොච්චියේ ප්‍රධාන ගම්මාන කිහිපයකට ජල ගැලීම් තත්වයක් උද්ගතවිය හැකි බවත්ය.

කිලිනොච්චිය ඉරණමඩු ජලාශය අඩි 36 ක ක ධාරිතාවයකින් යුතු වන අතර,කිලිනොච්චිය දිස්ත්‍රික්කය විශාල ප්‍රමාණයක් කුඹුරු ඉරණමඩු ජලාශයේ ජලය ලබාගනිමින් වගා කරති.