(දයාරත්න ඇඹෝගම)
බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තබා 28 හැවිරිදි පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකරනු ලැබු පුද්ගලයෙකු ඊයේ (22)දින කිරිමැටියාවේදි අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිමැටියාව,සීප්පුකුලම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා ඉඩම් ආරාවුලක් හේතුවෙන් සිය අසල්වාසියාට බෙහෙත් කොටන ලද තුවක්කුවකින් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
මෙම වෙඩි තැබිමේ හේතුවෙන් බරපතල තුවාල ලැබු කිරිමැටියාව,සීප්පුකුලම පදිංචි එම පුද්ගලයා තම්මැන්නාව මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
මෙම සිද්ධියට අත්අඩංගුවට ගනුලැබු සැකකරැ අද(23)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.