(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන ආයතන වල කටයුතු සඳහා පුරවැසි සහභාගීත්වය පුළුල් කිරිම පිළිබඳ විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමුවිය.
ඒ එම සංසදය එහි සම සභාපතිවරුන් වන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය.
පළාත් පාලන ආයතන තුළ කමිටු පිහිටුවීමේදී සිවිල් සමාජය නියෝජනය කරමින් සාමාජිකයින් එම කමිටු සඳහා පත්කිරීමට පවතින නීතිමය ප්‍රතිපාදන පිළිබඳව මෙහිදී පුළුල්ව සාකච්ඡා කෙරිණි.
ඒ සඳහා පත්කරන ලද අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය පාලනයේ විවෘතභාවය සුරක්ෂිත කරමින් පුළුල් පුරවැසි සහභාගීත්වයක් සහිත පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවයි.
ඒ සඳහා නියමු ව්‍යපෘතියක් කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල නගර සභාව පාදක කරගෙන ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පළාත් පාලන ආයතන වැඩ වලට පුරවැසි සහභාගීත්වය වැඩි කරයි