(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදි වූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීරණය වන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා විවෘත කරනු ලැබීය.
සුඛෝපභෝගීබව හා දේශීය නිර්මාණකරනය එක් තැන්කළ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් වන මෙම නවතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය ශ්‍රී ලංකාවේ අභිලාෂය, නිර්මාණශීලීත්වය හා ගෝලීය දැක්ම මනාව විදහා දක්වන්නක් විය.
මෙම අභිමානවත් සමාරම්භය සමග එක්වෙමින් ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසා සිටියේ සිටි ඔෆ් ඩ්‍රීම්ස් ආරම්භය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අවස්ථාවක් බවයි. ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු කරන ලද විශාලතම පුද්ගලික ආයෝජනයද මෙය වන බව ඔහු පැවැසුවේය.
මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට මෙන්ම ලෝකය තුළ ශ්‍රී ලංකාවේ නම තවදුරටත් විශිෂ්ටත්වයට පත් කිරීමට හේතු වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
ඒ වගේම අනාගත පරම්පරාවන්ට ප්‍රයෝජන වන දිගු කාලීන ධනාත්මක වෙනසක් නිර්මාණය කරන නවීන හා ඉදිරි දැක්මක් සහිත ගමනාන්තයක් ලෙසද සිටි ඔෆ් ඩ්‍රීම්ස් පෙන්වා දිය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘‘කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස්‘‘ අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරයි