(ඉන්දිකා රාමනායක)
අරුගම්බේ උල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටිය දි දියේ ගසාගෙන යමින් සිටී තිදෙනෙක් විශේෂ කාර්ය බළකාය විසින් බේරා ගනු ලැබූහ.
මෙලෙස බේරාගෙන ඇත්තේ මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු (40)කාන්තාවක්, අවුරුදු 11ක පිරිමි දරුවකු සහ අවුරුදු 17ක් වන පිරිමි දරුවකු සහ ගැහැනු දරුවකු වන බව පොලීසිය පවසයි.

