(ඩයනා උදයංගනී,සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
වත්මන් රජයට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැති බව අද (23) යළිත් තහවුරු වූ නිසා ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් වහාම ඉල්ලා අස්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේ නොකර මැර බලයෙන් හෝ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් බලයේ සිටීමේ අයිතියක් රජයට නොමැති බවද ප්‍රේමදාස මහතා සදහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.