
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ මුල සුන නියෝජනය කිරීම සඳහා සභාපති මණ්ඩලයද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (19) ප්‍රකාශයට පත් කරනු ලැබීය.
මේ අනුව එම සභාපති මණ්ඩලයට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 15 දෙනෙක් පත් කරනු ලැබ සිටිති.
මේ අනුව එම සභාපති මණ්ඩලයට පත් කරනු ලැබ සිටින්නේ ශාන්ත බණ්ඩාර, එස් වේලුකුමාර්, මයන්ත දිසානායක ,හර්ෂණ රාජකරුණා, රෝහිණි කුමාරි විජේරත්න, හේශා විතානගේ, සංජීව එදිරිමාන්න, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, වසන්ත යාපා බණ්ඩාර, අජිත් රාජපක්ෂ , වීරසුමන වීරසිංහ , සුරේන් රාඝවන් ආචාර්ය හරිනි අමරසූරිය , ප්‍රේමනාත් සී දොලවත්ත සහ එස් රාසමානික්කම් යන මන්ත්‍රීවරු වෙති.
නව වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සැසිවාරය ජනාධිපතිවරයා විසින් අවසන් කරනු ලැබීමත් සමග එහි පෙර සභාපති මණ්ඩලය අහෝසිවී ගියේය.
නව සැසිවාරය ආරම්භ කිරීමත් සමග අලුත් සභාපති මණ්ඩලයක් පත්කිරීමට සිදුවී ඇත්තේ ඒ නිසාය.
කතානායකවරයා නියෝජ්‍ය කතානායකවරයා හෝ නියෝජ්‍ය කාරක සභාපතිවරයා නොමැති අවස්ථාවලදී මුලසුනේ කටයුත මෙහෙයවීම පැවරෙන්නේ මෙම සභාපති මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ටය.

