(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100 දශම 1 පින්නදූව සහ ඉමදුව පිවිසුම් අතරදී ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටීමෙන් සොහොයුරියන් දෙදෙනකු මරුමුවට පත්ව ඇතැයි පින්නදූව අනුපාලක මධ්‍යස්ථානය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මාතර නූපෙ ප්‍රදේශයේ පදිංචිව සිටි උබේසිංහ ආරච්චිගේ සදීෂා (12) හා ඇයගේ එකම සොයුරිය වන සෙනුදි දම්සරා (10) දැරියයි.
සිදු වූ අනතුරින් මියගිය දැරියන්ගේ මව පියා කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
මියගිය දැරියන්ගේ මව මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක් බවත් පියා ව්‍යාපාරිකයෙකි.
අනතුරින් මියගිය වැඩිමහල් දැරියගේ රෝගී තත්ත්වයකට නාරහේන්පිට පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගෙන වැනි මාතර නිවස කරා පැමිණෙමින් සිටියදී කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක පිටුපස කොටසේ දකුණු පැත්තේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශන වී වලදී අනාවරණය වී ඇත.
------------------------------------------
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 100 දශම 1 පින්න දූව සහ ඉමදුව පිවිසුම් අතරදී ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටීමෙන් දස හැවිරිදි දැරියක මරුමුවට පත්ව ඇතැයි පින්නදූව අනුපාලක මධ්‍යස්ථානය කියයි
මියගොස් ඇති දැරිය මාතර නූපෙ ප්‍රදේශයේ පදිංචිව සිටි සෙනුදි දම්සරා නැමැති දැරියකි.
සිදු වූ අනතුරින් මියගිය දැරියගේ මව පියා සහ වැඩිමල් සොහොයුරියද බරපතල තුවාල ලබා කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත
ලොරිය කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබියදී එම දිශාවටම ධාවනය මෙමින් තිබූ එකම පවුලේ පිරිස රැගත් මෝටර් රථය ලොරියේ පිටුපස දකුණු පස ප්‍රදේශයේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශන වී වලදී අනාවරණය වී ඇත.