අද පැවති ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහගේ බලය තීරණය කළ නොහැකියි


(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

පාර්ලිමේන්තුවේ දී අද (23) පැවති ඡන්ද විමසීම තේරීම් කාරක සභා පිළිබඳ එකක් මිස රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය පෙන්වීමේ එකක් නොවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

පාර්ලිමේන්තුව තුළ නීති විරෝධී යෝජනා දහසක් සම්මත කළත් අගමැතිවරයා හා ඇමති මණ්ඩලය පත්කිරීමේ තීන්දුව ගත යුත්තේ ජනාධිපතිවරයා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ මහතාට වඩා වැඩි බලයක් ආණ්ඩු පක්ෂයට තිබෙන බවද ඇමතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.