(දසුන් රාජපක්ෂ)
තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගත්තේ දේශපාලන පළිගැනිමක ප්‍රතිඵලයක් වශයෙන් බව රියර් අද්මිරාල් ඩී කේ පී දසනායක මහතා දේශපාලන පලි ගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (28) ප්‍රකාශ කළේය.
එම චෝදනාවන්ට වරදකරු වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ නම් සදහන් කර කට උත්තරයක් ලබා ගැනීමට රහස් පොලීසියේ පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා තමා ට සහ බිරිඳට බලපෑම් කළ බව ද දසනායක මහතා ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.
ඩී කේ පී දසනායක මහතා මෙම ජනාධිපති කොමිසම හමුවේ මෙලෙස පෙනී සිටි දෙවැනි අවස්ථාව මෙය වෙයි.
මෙම ජනාධිපති කොමිසම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොට තිබෙන විශේෂ කාර්යාලයේ දී අද (28) රැස්විය.

