විනීතා එම් ගමගේ
අඟුණකොළපැලැස්ස රිමාන්ඞ් බන්ධනාගාරයේ සිදුවී යැයි කියන රිමාන්ඩ් සිරකරුවන්ට පහර දීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට තවත් කමිටුවක් පත් කළ බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.
බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා ගේ ප‍්‍රධානත්වයෙන් පත්කරනු ලැබූ ති‍්‍රපුද්ගල කමිටුවට අමතරව මෙම කමිටුව පත් කළ බව ද ඇමතිනිය කීවාය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නියෝජිතයකු සහ අධිකරණ අමාත්‍යංශයේ නියෝජිතයකු මෙම නව කමිටුවට අයත් වන බව කී අමාත්‍යවරිය පෙර පත් කළ කමිටුව ලබන සඳුදා (21) එහි වාර්තාව භාර දීමට නියමිත අතර අද පත් කළ කමිටුව ලබන විසි පස්වැනිදා එහි වාර්තාව භාරදීමට නියමිත යැයි ද කීවාය.
අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ කැමරා පද්ධතිය මේ වනවිට මුද්‍රා තබා ඇතැයි කී අතුකෝර මහත්මිය එහි පැවැති සී සී ටී වී දර්ශන එළියට ගියේ කෙසේ දැයි සෙවීම ද එම කමිටුවට භාර වී ඇතැයි පැවැසුවාය.
කෙසේ වෙතත් පරික්ෂණ කමිටුවල වාර්තා අනුව කවර මට්ටමක නිලධාරින් වුවත් වරදක් කර ඇත්නම් නිසි දඬුවම් ලැබෙනු ඇතැයි ද ඇය තව දුරටත් කීවාය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි