“රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට යවන්න මම ඉඩ දෙන්නෑ“


(රංජන් කස්තුරි)

මේ රට ආරක්ෂා කළ කිසිම රණවිරුවකු ජාත්‍යන්තර අධිකරණවලට යැවීමට තමා කිසිදු ඉඩක් නොදෙන බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය පවසයි.

අධිකරණ අමාත්‍යංශයේදී අද (31) වැඩ බාරගනිමින් අමාත්‍යවරිය මේ බව කීවාය.

“ජනාධිපතිතුමායි අගමැතිතුමායි මම කෙරෙහි ලොකු විශ්වාසයක් තියලා මට මේ වගකීම බාරදුන්නා.මම මගේ වගකීම උපරිමයෙන්ම කරනවා.අද මට වැඩකරන්න වෙලා තියෙන්නේ නොයෙකුත් ආන්දෝලනාත්මක වාතාවරණයක් යටතේයි.අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් මම කටයුතු කරනවා“

“කොහොම වුණත් මම එකක් කියන්න ඕනේ.මේ රට ආරක්ෂා කරපු කිසිම රණවිරුවෙක් විදෙස් අධිකරණයකට යොමු කරන්නේවත් ඔවුන්ට දඬුවමක් ලබාදෙන්නත් ඉඩක් දෙන්නෑ“ යැයි අමාත්‍යවරිය ප්‍රකාශ කරයි.