(පුෂ්පකුමාර ජයරත්න)
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරිමේ දී එල්ල වී තිබෙන පාරිසරික ගැටළු පිළිබඳ චෝදනා යම්කිසි විශේෂඥයකුට ඔප්පුකර පෙන්වීමට හැකිනම් මෙම අධිවේගී මාර්ගයේ සැලසුම් වෙනස් කිරිමට සුදානම් බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නලීන් සුරිය ආරච්චි මහතා අද (25) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ප්‍රකාශ කළේය.
මේ වන විට ජනතාවගේ සහ විවිධ පාරිසරික සංවිධාන වලින් එල්ලවී තිබෙන චෝදනා හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් සිදුකිරිමට පෙර යළි අධ්‍යයනයක් සිදු කිරිමට අවශ්‍ය වී තිබෙන බවද සුරියආරච්චි මහතා පෙන්වා දුන්නේය.

