(ශාන්ත රත්නායක)
සිල් සමාදන් වන බෞද්ධ උපාසක උපාසිකාවන්ට සිල් රෙදි ලබා දිය යුතු බවට ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ජයන්ති මහොත්සවය සදහා පත් කළ රාජ්‍ය කමිටුව නිර්දේශයක් ලබා දී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා එම නියෝගය දී ඇති බවද ඒ මහතා කියයි.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීමේ චෝදනාවට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ අනුෂ පැල්පිට මහතා බැලීම සඳහා වැලිකඩ මැගසින් බන්ධනාගාරයට අද (10) පැමිණි අවස්ථාවේදී ගුණවර්ධන මහතා මේ බව කීය.
“රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුද්ධ ශාසනය ආරක්ෂා කර රකින්න අයිතියක් ජනපතිවරයාට තියෙනවා.ජනපතිවරයාගේ හෝ අදාළ අමාත්‍යවරයාගේ නියෝගයක් ක්‍රියාත්මක කළ විට ඒ අය කොහොමද ඒ නියෝග පිළිපදින්නේ කියන එක අද ප්‍රශ්නයක්.අසරණ වන රාජ්‍ය සේවකයාට පිහිට වෙන්න ඕනේ. ඒ නිසා අපි ව්‍යවස්ථා සාමාජිකයින් වශයෙන් තීරණය කරලා තියනවා මහසඟරුවනත් හා මහජනතාවත් දායක කරගෙන රුපියෙලෙන් රුපියල එකතු කරලා සිල් රෙදි සිරකරුවන් නිදහස් කරගැනීමේ අරමුදලක් පිහිටවන්න“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



