(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට තවමත් සභාපතිවරයකු පත් කර නැති හෙයින් වෛද්‍යවරුන්ට එරෙහිව ලැබෙන පැමිණිලි විභාග කිරීම නතර වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණි ද සිල්වා මහතා පවසයි.
මේ වන විටත් වෛද්‍යවරුන් 10 දෙනකුට එරෙහිව පැමිණිලි ලැබී තිබෙන අතර ඉකුත් ජූනි 30 වැනි දා සිට සභාපතිවරයකු නොමැති නිසා පැමිණිලි විභාග කිරීම නතර වී තිබේ.

