(නිමල කොඩිතුවක්කු)
හිටපු යුද්ධ හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහාම ජාත්‍යන්තරයට ප්‍රතිචාර දැක්විය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද(31) පැවසීය.
මෙතෙක් එම චෝදනාවලට රජය ප්‍රතිචාර නොදැක්වීමෙන් රජයේ සැබෑ ස්වරූපය හෙළිවන බවත් ඒ මහතා අවධාරණය කළේය.
රාජගිරියේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

