විනීතා එම් ගමගේ)
දැනට තහනම් කර ඇති පොලිතින් හා ප්ලාස්ටික් වර්ග වෙනුවට ඔක්සෝ- වර්ගයේ දිරාපත්වන ප්ලාස්ටික් භාවිතය සඳහා අනුමැතිය ලබා ගැනීමට ප්ලාස්ටික් පොලිතින් නිෂ්පාදකයින් උත්සාහ දරන බව පරිසර යුක්ති කේන්ද්‍රය කියයි.
ඔක්සො වර්ගයේ දිරාපත්වන ප්ලාස්ටික් හා පොලිතින් තහනමට ලක්වූ පොලිතින් හා ප්ලාස්ටික් වර්ගවලට වඩා පරිසර හානියක් කරන බව යුරෝපය හා අනෙක් රටවල කරන ලද සමීක්ෂණ වලින් හෙළිවන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය.
එකී පර්යේෂණ සිදුකළ විද්‍යාඥයින් අනුව ඔක්සො දිරන ප්ලාස්ටික් කැබලි සම්මත ප්ලාස්ටික් ද්‍රව්‍යයන් කෘති‍්‍රම ආකල්පනික ද්‍රව්‍ය සමඟ දිරා නොයන අතර කුඩා කැබලිවලට පත් කරනු ලබන බවත් එය සම්පුර්ණයෙන්ම පරිසරයට මෙන්ම ප‍්‍රතිචක‍්‍රිකරණය හා කාබනිකකරණයටද හානිකර තත්ත්වයක් බවත් හෙතෙම කීය.
‘‘ඔක්සො දිරාපත් වන ප්ලාස්ටික් ’’ පරිසරයට එක් වූ විට කැබලිවීම සඳහා එයට කොබෝල්ට් හා නිකල් වැනි ඝන ලෝහයන්හි ලවණ එක් කරන බවද විතානගේ මහතා පෙන්වා දුන්නේය.
එයින් සිදුවන්නේ එම ප්ලාස්ටික් පොලිතින් වර්ගය දිරාපත්වීම නොව ඉතා කුඩා කොටස් බවට පත්වී පරිසරයට එකතු වීම බවත් එයින් පවතින පරිසර ප‍්‍රශ්නයට වඩා බරපතල ප‍්‍රශ්නයක් අනාගතයේ දී ඇතිවිය හැකි බවත් පැවසීය.
එයින් පසට එකතුවන කොබෝල්ට් හා නිකල් අනාගතයේදී පසේ ගුණාත්මක භාවය විනාශ කිරීමටත් සෞඛ්‍යමය ප‍්‍රශ්න ඇති කිරිමටත් ඉඩකඩ ඇතැයි විතානගේ මහතා කීය.
මේ තත්ත්වය යටතේ ඔක්සො දිරාපත්වන ප්ලාස්ටික් නොව සැබැවින්ම දිරාපත්වන පරිසර හිතකාමී සත්‍ය වශයෙන් දිරායන විකල්පයක් හඳුන්වා දෙන්නන් සඳහා අත හිත දෙන්නැයි කර්මාන්ත අමාත්‍යංශයෙන්, පරිසර අමාත්‍යංශයෙන් හා මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

