ෆොන්සේකාගේ ප්‍රකාශය ගැන විග්නේෂ්වරන්ටත් සැකයක් ඇති - හිටපු ජනපති මහින්ද


 (බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම)

හිටපු හමුදාපති ජගත් ජයසුරිය මහතාට එරෙහිව සරත් ෆොන්සේකා මහතා කරන ලද ප්‍රකාශය හිටපු හමුදාපතිවරයකුගේ ප්‍රකාශයක් වීම හේතුවෙන් විග්නේෂ්වරන් මහතාට ද ඒ ගැන සැකයක් මතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (10) ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට පැමිණි මහින්ද රාජපක්ෂ මහතාගෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය පිළිබදව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

“ මේක හමුදාපතිවරයෙක් කියන හින්දා ඇත්තක් වෙන්න ඇති කියල විග්නේෂ්වරන් කියන්නේ.එයාටත් සැකයක් තිබෙනවා. එයා කියන්නේ ඇත්ත වෙන්න ඇති කියල. ඇත්ත වශයෙන්ම මේ වගේ පාවාදීම් වෙනකොට සමාජය ගැන රට ගැන ඊළඟට යුද්ධයේ ප්‍රතිඵලය පිළිබඳවත් මහා ව්‍යාකූලතාවයක් ඇති වෙනවා.මම හිතන්නේ හමුදාපතිවරයෙක් නොකළ යුතු දෙයක්.“

විග්නේෂ්වරන් මහතා එල්ටීටිඊ රැඳවියන් බැලීමට බන්ධනාගාරය වෙත යාම පිළිබදව මාධ්‍යව්දියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ “එයාලටත් අයිතියක් තියනවානේ.මොකද එයාල ඒ අය වෙනුවෙන්නේ පෙනී හිටින්නේ.ඕක අදුනා ගන්න බැරි වුණා අපේ අයට“  බවයි.

(ඡායාරූප-බී.ජී. චතුරංග)