ෆොන්සේකා කැබ්නට් මණ්ඩලයෙන් ඉවත් කරන්නැයි ඉල්ලති


(විනීතා එම් ගමගේ)

සරත් ෆොන්සේකා මහතා ඉක්මණීන්ම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස සමාජවාදී ජනතා පෙරමුණ ජනපතිගෙන් ඉල්ලා සිටින බව එහි සාමාජික දේශපාලන පක්ෂයක් වන දේශ විමුක්ති ජනතා පක්ෂයේ ලේකම් ගලගම ධම්මරංසි හිමියෝ පැවැසූහ.   

අඩුම ගණනේ ඡන්දයක් වත් දිනන්නට බැරිවුණු මේ තැනැත්තා රට රැකගත් රණවිරුවන් පාවාදෙන්නට පවා කටයුතු කරමින් සිටින නිසා  කැබිනට් මණ්ඩලයේ තියාගන්න සුදුසු නැති බවත් වහා ඔහු ඉවත්කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටින බව උන්වහන්සේ කිහ. 

ගලගම ධම්ම රංසි හිමියෝ මේ අදහස් පළ කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ අද (11) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුව අමතමිනි.