හොරට විභාගය ලියු සිසුවා 4 වැනි දා විභාගය ලියන්න ඉල්ලයි


(ටෝනි කරුණානායක)

තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ චෝදනාවට  රිමාන්ඩ් බාරයේ පසුවන සිසුවාට සඳුදා (4) පැවැත්වෙන  විභාගය සඳහා ඉදිරිපත් විමට ඉඩ සලසන ලෙස ඉල්ලමින්  අද (31) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ දී මෝසමක් ගොනු කරනු ලැබීය.

ඒ අනුව ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා ඉදිරියේ මෝසම අද (31) කැඳවනු ලැබුවේය. එහිදී  මහේස්ත්‍රාත්වරයා එසේ ඉල්ලීමක් සිදු කර ඇති බවට මහර බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිතව දන්වන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළ අතර එම සිසුවා විභාගය සඳහා ඉදිරිපත් කරනු ලැබුවත් 4 වැනි දා පැවැත්වෙන නඩු විභාගය සඳහා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දුන්නේය.