හෙරොයින් සමඟ කතක් පුත්තලමෙන් අත්අඩංගුවට


(එච්. චන්දන )

පුත්තලම සිමෙන්ති  කම්හල ආසන්නයේ  හෙරෝයින් මත් කුඩු පැකට්  අලෙවියේ යෙදුණු කාන්තාවක් (60) අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසීය කියයි.

කුඩා මල් පොහොට්ටු ආකාරයට ඔතන ලද පැකට් 34 ක් හා කාන්තාවගේ හැට්ටය  ඇතුලත කුඩා බෝතලයක සඟවා ගෙන එළියට විසි කරන ලද හෙරොයින් මත්කුඩු  සොයා ගෙන ඇත.  

මල් පොහොට්ටු ආකාරයට ඔතා තිබු හෙරොයින් මත් කුඩු  පැකට්ටුවක් රුපියල් 1300කට අලෙවි කර ඇත. පාලවිය කල්අඩිය , බෝධිරාජපුර, අට්ටවිල්ළුව, වැනි ගම්බද තරුණ පිරිස් ඉලක්ක කරගෙන මෙම කාන්තාව මෙම හෙරෝයින් මත් කුඩු  අලෙවි කර තිබේ.