රංජන් කස්තුරි
හිටපු ඇමැතිවරයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අල්හාජ් ඒ. එච්. එම්. අස්වර් මහතා අද පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.
මිය යන විට 80 වැනි වියෙහි පසුවූ අශ්වර් මහතා වසර 16කට අධික කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.
2002 වසරේ බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළේ අශ්වර් මහතාය.
කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු ලෙස සිටි අශ්වර් මහතා 2010 දී මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් අවසන් වරට පාර්ලිමේන්තුවට පත් කරනු ලැබීය. ඔහු 2014 නොවැම්බර 28 වැනි දා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් විය.

