හිඟ බදු ගෙවන්න සහන කාලයක්


(මහින්ද නිශ්ශංක)

සුඛෝපභෝගී අර්ධ සුඛෝපභෝගී  හා  අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්යය සඳහා  ගෙවිය යුතු බදු මුදල්  නිසි පරිදි ගෙවීම සිදු කර  නොමැති පාර්ශව වෙත එම හිඟි බදු මුදල්  ගෙවීම සඳහා  හෙට (1) සිට  නොවැම්බර් 30 වැනි දා දක්වා මාස තුනක සහන කාලයක්  ලබාදීමට  ඇමැති මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම සහන කාලය තුළදී  මෙම වාහන සඳහා  හිඟ මුදල්  ගෙවීමේ දී  සියලුම හිඟ බදු  මුදල්  සමඟ සියයට 5 ක දඩ  මුදලක් පමණක්  අයකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුව පවසයි.