හමුදා ට්‍රක් රථයක් හා බස් රියක් ගැටී 17 කට තුවාල


(කේ බුද්ධික කුමාරසිරි)

හෝමාගම කැන්දලන්ද ප‍්‍රදේශයේදී යුද හමුදා සාමාජිකයින් රැගත් හමුදා ට‍්‍රක් රථයක්  හා ඇගලුම් සේවකයින් ප‍්‍රවාහනය කරමින් සිටි බස් රථයක ගැටීමෙන් අද (05)  හමුදා සෙබලුන් 17 දෙනෙක් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත්  කළ බව පොලිසිය පවසයි.