සේවක අ.සා.අ. බදු අයකළොත් බලාගෙනයි


(විනීතා එම් ගමගේ)

සේවා  නියුක්තියන් ගේ භාර අරමුදලෙන් හා සේවක අර්ථසාධක අරමුදලෙන් බදු අය කිරීම නැවැත්වීමට ආණ්ඩුව පියවර නොගතහොත් ජනාධිපති මන්දිරය වෙත ලබන විසි එක් වැනිදා දැවැන්ත පා ගමනක් සුදානම් කරන බව අන්තර් සමාගම් සේවක සංගමය කියයි.

මේ සඳහා පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාව ලක්ෂ ගණනක් සුදානමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම පාගමන සංවිධානය කිරීමේ විශේෂ සාකච්ඡාවක් හත්වැනිදා කොළඹ දී පැවැත්වෙන බවත් පෞද්ගලික අංශය පමණක් නොව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති නියෝජිතයින් ද සහභාගි වීමට නියමිත බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම අසාධාරණ බද්ද ඉවත් කරන බවට මේ මස 20 වැනිදාට පෙර ආණ්ඩුව ප්‍රකාශයක්  කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බව ද සමරසිංහ මහතා තවදුරටත් පැවැසීය.