( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශයේ පෙරසවි වානේ නිවාස 65,000 ක් සෑදීමේ ව්‍යපෘති අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (31) ඉල්ලා අස් කර ගන්නා ලදී.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර ,ප‍්‍රතිසංස්කරණ හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඞී.එම්.ස්වාමිනාදන් මහතා , ලක්සම්බර්ග් හි ආසලර් මිත්තල් කන්ස්ට‍්‍රක්ෂන් ෆ‍්‍රාන්ස් නැමැති ඉදිකිරීම් සමාගම සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
එම ව්‍යපෘතිය කැබිනට් තීරණයක් බවත් එම කැබිනට් තීරණය පෙත්සම්කරු විසින් අභියෝගයට ලක් කරනු ලැබ නොමැති බවත් ස්වාමිනාදන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා පැවසීය.
වගඋත්තරකාර ඇමතිවරයාගේ එම කරුණු දැක්වීමෙන් පසුව පෙත්සම්කාර මන්ත‍්‍රීවරයා සිය පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර විනිසුරු මඩුල්ල ඊට අවසර ලබා දුන්නේය.
මෙවැනි නිවාස සෑදීමේදී වැයවෙන වියදම ,නාස්තිය ,එහි ඇති අඩුපාඩුකම් පිළිබඳ එම ප‍්‍රදේශවල සිවිල් නියෝජිතයින් සහ ජනතාව පෙන්වා දුන් බවත් ඒ පිළිබඳව තමන් පාර්ලිමේන්තුව දැනුම්වත් කළ බවත් පෙත්සම්කරු සිය පෙත්සමින් කියා තිබිණි.
පෙත්සම්කරු කියා සිටියේ මෙම ව්‍යාපෘතියට යන වියදමින් ගඩොල් සහ සිමෙන්ති ගඩොල් යොදා ගැනීමෙන් මීට වඩා විශාල නිවාස ප‍්‍රමාණයක් සෑදිය හැකි බවය.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් මෙම ක‍්‍රියාවෙන් තම මූලික අයිතිවාසිකම් කඩවූ බව ප‍්‍රකාශ කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබිණි.
මේ පිළිබඳව නැවත ටෙන්ඩර් කැඳවා එම ප‍්‍රජාවේ අභිමතය පරිදි ගඩොල් සහ සිමෙන්ති ගල් යොදා අඩු වියදමින් නිවාස සෑදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා තිබිණි.

