(අමල් වික්‍රමරත්න)
හබරදුව පොලිස් වසමේ බෝගහගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයකින් වටිනා කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය සොරකම්කළ කාන්තාවන් තිදෙනක් අල්ලා ගැනීමට එහි සේවක සේවිකාවන්ට හැකි විය.
මෙම කාන්තාවන් තිදෙනාගෙන් දෙදෙනකු සොහොයුරියන් වන අතර මොවුන් පානදුර ප්‍රදේශයේ පදිංචි කරුවන් බව අනාවරණය වී ඇත.
මීට ටික දිනකට ඉහත සිට වෙළදාමට තබා තිබු වටිනා කිරිපිටි ඇතුළු මිල අධික ආහාර ද්‍රව්‍ය අතුරුදන් වීමක් පිළිබඳව බෝගහගොඩ පිහිටි සුපිරි වෙළද සංකීර්ණයේ සිසිටිවී දර්ශන පිරික්සීමේදී සැක කටයුතු අයුරින් හැසිරී ඇති කාන්තාවන් තිදෙනෙක් පිළිබඳව විමසිලිමත් වී තිබේ.




