තරිඳු ජයවර්ධන
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් රහස් පොලිසිය භාරව ප්‍රධානීන් තිදෙනකු පත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙතරම් කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටියේ ඉහළ නිලධාරීන් දෙදෙනකු පමණක් බව ද එම ආරංචි මාර්ග පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කටයුතු කරන අතර එය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස රවී සෙනවිරත්න මහතා කටයුතු කරයි. ඊට අමතරව එහි හිටපු අධ්‍යක්ෂ (උසස්වීම් ලැබූ) සුදත් නාගහමුල්ල මහතා ද සෙනසුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබේ.

