(නිමල කොඩිතුවක්කු)
රජයේ විශ්ව විද්‍යාලවල සිටින ශිෂ්‍යයන් දඩමීමා කරගනිමින් ඇතැම් වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ සිදුකරන ක‍්‍රියාවන්ට එරෙහිව මහජනතාව නැගී සිටිය යුතු බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය (සයිටම්) දෙමාපිය සංගමය අවධාරණය කරයි.
සයිටම් ආයතනය හෝ එහි උපාධිය සම්බන්ධයෙන් එල්ල වෙන ඕනෑම චෝදනාවකට පිළිතුරු දීමට සූදානම් බවද එම සංගමයේ සභාපති කේ.බී තෙන්නකෝන් මහතා කොළඹ ජාතික පුස්තකාළ පරිශ‍්‍රයේ අද 06 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
සයිටම් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනයට සිදු කරන බලපෑමේ වන්දිය එම විරෝධතා සංවිධාන කරන කණ්ඩායම් වලටම දැරීමට සිදුවනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

