ශ්‍රීලනිප නඩුව ගැන තීන්දුව 29ට කල් යයි


තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ 
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් දෙනෙකු  ගොනු කළ පැමිණිල්ල තවදුරටත් විභාගයට ගන්නවාද  නැද්ද යන තීන්දුව ලබන 29 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද (04) තීන්දු කළේය.
 
මීට පෙර විනිසුරුවරයා කළ නියෝගයට අනුව   විත්තිකාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා විසින් පැමිණිල්ලේ මූලික විරෝධතා සම්බන්ධයෙන් වන ලිඛිත දේශන   අද අධිකරණය හමුවේ ගොනු කළේය.
 
වගඋත්තරකාර හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා   පැමිණිල්ල පවත්වා ගෙන යා නොහැකි බවත් ,ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බවත්  දන්වමින් අධිකරණය හමුවේ විරෝධතා ගොනු කර තිබිණි.