(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
සියලූම පළාත් සභා වලට මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම වෙනුවෙන් සිදු කරන පළාත් සභා ඡන්ද විමසීම (සංශෝධන) පනත් කෙටුම්පත හෙවත් 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති සියලූම පෙත්සම් ලබන 6 වැනි දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා වන ජනතා ක‍්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහජන එක්සත් පෙරමුණේ මහ ලේකම් තිස්ස ගාමිණී අබේසිංහ ජයවර්ධන යාපා සහ මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් හා විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ගොනු කළ පෙත්සම් මෙදින සලකා බැලීමට නියමිතය.
නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු වශයෙන් නම් කරනු ලැබ තිබේ. මෙම සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාට පටහැනි බැවින් විශේෂ අර්ථ නිරූපණයක් ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ සියලූ පෙත්සම් අද (29) අගවිනිසුරු ඇතුළු ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී එම පෙත්සම් මෙදින සළකා බැලීමට තීන්දු කැරිණි.
අගවිනිසුරු ප‍්‍රියාසත් ඩෙප් අනිල් ගුණරත්න සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවිණි.

