විස්ස නැගෙනහිරදී සම්මත වෙයි


(වසන්ත චන්ද්‍රපාල)

20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නැගෙනහිර පළාත් සභාවේදි වැඩි ඡන්ද 17කින් සම්මත විය.

ඡන්දය පැවැති අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ති‍්‍රවරුන් විරෝධය පළ කිරිමත් සමගම සභාවේ උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවිය.

නැගෙනහිර පලාත් සභා මන්ති‍්‍ර ඩබ්.ඩී.විරසිංහ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ති‍්‍රවරුන් සෙංකෝලය ඔසවා ගෙන යෑමට උත්සහ කළ අතර ආණ්ඩු පක්ෂයේ මන්ති‍්‍රවරු එය වැළැක්විමට උත්සහ කිරිමත් සමගම මෙම උණුසුම් තත්ත්වය ඇතිවූ අතර පසුව කරන ලද ඡන්ද විමසීමේදි පනතට පක්ෂව ජන්ද 25 ක් ලැබුණු අතර පනතට විරුද්ධව ජන්ද  8 ක් හිමිවිය.

එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොංග‍්‍රසය, ද්‍රවිඩ ජාතික සංවිධානය සහ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය පනතට පක්ෂව ජන්දය ලබා දෙනු ලැබීය. ඒකාබද්ධ විපක්ෂය සහ ටී.එමි.වී.පී. පක්ෂය සහ ජාතික කො‍්‍රංගස් පක්ෂයේ මන්ති‍්‍රවරු පනතට විරුද්ධව ඡන්දය භාවිතා කළ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මඩකලපුව සංවිධායක නැගෙනහිර පළාත් සභා මන්ති‍්‍ර සුභෙහිර් මහතා පනතට විරුද්ධව ජන්දය භාවිතා කිරිම විශේෂ සිද්ධියක් විය.