විභාග වංචා ගැන සොයන්න විශේෂඥ කමිටුවක්


රංජන් කස්තුරි

 

වීන තාක්ෂණ උපකරණ භාවිතා  කර  සිදු කරන විභාග වංචා වැළැක්වීමට  ගත යුතු පියවර  නිර්දේශ  කිරිම සඳහා  විශේෂඥ කමිටුවක්  පත්කරන්නැයි  අධ්‍යාපන ඇමැති  අකිල විරාජ්  කාරියවසම්  මහතා  විභාග කොමසාරිස්  ජනරාල්වරයාට අද (28) උපදෙස් ලබා දුන්නේය.

එම විශේෂඥ කමිටුව මගින්  ලබාදෙන නිර්දේශ  ක්‍රියාත්මක කිරිමටත්  විභාග මධ්‍යස්ථානවලට  ඇතුළු වන සිසුන්  පරික්ෂා  කිරිමට  තාක්ෂණ ක්‍රමවේදයන්  අනුගමනය කිරිම පිළිබඳවත්  සොයාබලන ලෙසද ඇමැතිවරයා උපදෙස් දී ඇත.