දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම වැසි සහිත කාලගුණික තත්වයේ තරමක අඩුවීමක් හෙට(7) දිනයෙන් පසු බලාපොරොත්තුවේ.
බස්නාහිර, දකුණු, සබරගමුව සහමධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල, මාතර, පොළොන්නරුව සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර පසුගිය පැය 24ක කාලයේ දී වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 164.2 අනුරාධපුර හුරුළුවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

