වැලිකඩ සිද්ධියේ සාක්කිකරුවන් ආරක්ෂා කරන්නැයි කැෆේ ඉල්ලයි


(නිමල කොඩිතුවක්කු)

වැලිකඩ ඝාතනයේ සාක්කිකරුවන්ට වහාම ආරක්ෂාව ලබාදෙන ලෙසත් ඝාතන වලට සම්බන්ධ පිරිස් වලට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත් රජයට බලකර සිටින  බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද (5) පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ වැලිකඩ ඝාතනයේ ප‍්‍රධාන සාක්ෂිකරු සුදේශ් නන්දිමාල් මහතාගේ නිවසට එල්ල වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් රාජගිරිය කැෆේ සංවිධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැලිකඩ ඝාතන සිද්ධිය වී වසර 05ක් ගත වුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බවද කීර්ති තෙන්නකෝන් මහතා එහිදී සදහන් කළේය.