(කාංචන කුමාර ආරියදාස )
කිසිදු වාහනයක් නොමැති නාවුල ශ්‍රී නාග ජාතික පාසලේ සේවය කිරීම සදහා වසර එකහමාරකට පෙර සිට රියදුරු පත්වීමක් ලබාදී සේවකයකු ඒවා තිබෙන බවත් වාහනයක් ලැබෙන තුරු ජනතා මුදලින් ඔහුට වැටුප් ගෙවා පාසලේ රැදී සිටින බවත් එම පාසලේ සංවර්ධන සමිතියේ දෙමාපියෝ පිරිසක් පවසති .
නාවුල ශ්‍රී නාග පාසලට අඩුම තරමේ පාපැදියක් හෝ නොමැතිව තිබියදී මෙසේ නව පත්වීම් ලබාදී එවන බවත් දැනටමත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 15 දෙනකු පමණ සිටින බව ද ඔවුහු කියති .
මේ සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පති ටියුඩර් පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ තම පාසලට එසේ රියදුරකු ඒවා තිබෙන බවත් ඔහුට වෙනත් සේවාවක් පවරන්නට නොහැකි බවත් ය.
දැනට වසර එකහමාරක පමණ කාලයක් පාසලේ රැදී සිටිමින් වැටුප් ලබාගන්නා බවත් තමන් මේ ගැන කලාප කාර්යාලය දැනුවත් කර ඇති බවත් ඒ මහතා කීය.
කලාප කාර්යාලයේ රියදුරන් තුන් දෙනකු සිටින නිසා එම සේවකයා තම පාසලේ සිටින බවද විදුහල්පතිවරයා පැවසීය.
තමන් සේවක පුරප්පාඩු සදහා රියදුරන් ඉල්ලා නොමැති බවද පෙරේරා මහතා පැවසිය .

