සියලු පළාත් සභාවල ඡන්දය එකම දිනයකදී පැවත්විය යුතු බවට තීරණය කෙරෙන විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සබරගමු පළාත් සභාවේ විවාදය සහ ඡන්ද විමසීම කල්තැබිණි.
සබරගමු පළාත් සභා සභාපති කංචන ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් රත්නපුර නව නගරයේ පළාත් සභාසංකීර්ණයේ සභා රැස්වීම් ශාලවේ අද (28) පැවති විශේෂ සභාරැස්වීමේදී පළාත් මහ ඇමැති මහීපාල හේරත් මහතා මෙම සශෝධන පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කැරිණි.
ඉන් පසුව 20 වැනි ආණ්ඩුක‍්‍රම සංශෝධන පනත් කෙටුම්පතට නැවත අලුතින් එක්විය යුතු සංශෝධන ඇතුළත් කර, පළාත් සභාවලට ඉදිරිපත් කර විවාදය සහ අනුමැතියට අවස්ථාව සලසා දෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සබරගමු පළාත් සභාවේ ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතාට ලිඛිතව දැනුම්දීමක් කර ඇතැයි සභාපතිවරයා පැවසුවේය.
මේ සම්බන්ධව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සබරගමු පළාත් සභාවේ විපක්‍ෂයවූ එක්සත් ජාතික පක්‍ෂයේ මතය පළාත් සභා විපක්‍ෂනායක සෝමදාස මහතාගෙන් දුරකථයෙන් විමසූ අවස්ථාවේදී පළාත් සභාවේ විපක්‍ෂ මන්ත‍්‍රී 15ම එම පනත් කෙටුම්පත අනුමැතිය පිණිස ඡන්දය ලබාදෙන බව පළාත් සභා විපක්‍ෂනායකවරයා කියා සිටියේය.
පසුව සභානායක අශෝක ජයවර්ධන මහතා සැප්තැම්බර් 12 පෙරවරු 10.00 තෙක් සභාව කල් තබන බව ප‍්‍රකාශ කළේය.
මෙසේ සභාව කල්තැබීමේ නිවේදනයෙන් පසුව සභාපති මෙදින සභාවේ කටයුතු නිම කෙරෙන බව ප‍්‍රකාශ කළ පසුව සභාවේ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විරෝධතාව දැක්වීමෙන් සභාව තුළ තරමක ඝෝෂාකාරී බවත් ඇතිවිය.
මෙදින සභාව ආරම්භයට සෙංකෝලය තැන්පත් කිරීමට පෙර, සභාවේ අසුන්ගෙන සිටි විපක්‍ෂ නායක සෝමදාස මහතා පැවසුවේ සභාපති කංචන ජයරත්න මහතා මෙදින සභාවට නොපැමිනෙන්නේ නම් නියෝජ්‍ය සභාපති හෝ කාරක සභාවේ නියෝජිතයකු සභාවේ මුලසුන ගෙන සභා කටයුතු ආරම්භ කළයුතු බවයි.

