වවුනියාව ව්‍යාපාරිකයකු තියුණූ ආයුධ වලින් කපා කොටලා


(රොමේෂ් මධුෂංඛ)

වවුනියාව කුරුමන්කාඩුව ප‍්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට තියුණු ආයුධ රැගත් කිසියම් පිරිසක් කපා කොටා පළා ගොස් ඇති බවට වව්නියාව පොලිසිය පවසයි.

කායවර්ධ මධ්‍යස්ථානයේ හිමිකරු එම මධ්‍යස්ථානයේ රැඳී සිටි අවස්ථාවේදී මුහුණ ආවරණය කොට කඩු රැගෙන පැමිණි පිරිසක් මෙම පහරදීම සිදු කොට ඇත.

මෙහිදී කැපුම් තුවාල ලත් ව්‍යාපාරිකයා වව්නියාව මහ රෝහලට ඇතුලත් කොට ඇති අතර පහරදුන් පිරිස කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නොමැත.