වගා වැටෙන් විදුලි සැර වැදී අයෙක් මරුට


(ප‍්‍රදීප් කුමාර ධර්මරත්නසහ බණ්ඩාර ජයරත්න)

මාවනැල්ල ඉහල මාවේල ප‍්‍රදේශයේ වගා ඉඩමක් වටා ඇද තිබුණු අනවසර විදුලි රැහැන් වැටකින් විදුලි සැර වැදී තරුණයකු (25) එම ස්ථානයේම මිය ගොස් ඇත.

ඔහුගේ ඥාති සහෝදරයකු ද විදුලි සැර වැදි බරපතල පිලිස්සුම් තුවාල ලබා මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

ඉහල මාවෙල අතපත්තුවත්ත ප‍්‍රදේශයේ සඳුදා (04) රාත‍්‍රියේ 10.45ට පමණ සිදුවු  මෙම සිද්ධියට අදාළ ඉඩම අයිති බව කියන දෙදෙනකු මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම  සිද්ධියට සම්බන්ද බව කියන එම ප‍්‍රදේශයේම තවත් පුද්ගලයකුද අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ පවත්වන බවත් ඔහු මේ වනවිට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිසිය  කියයි.