(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසන්න පත්මසිරි)
හපුතලේ ලිප්ටන්ෂීට් දඹේතැන්න හා මහකන්දවත්ත ප්‍රදේශයේ දී අද(29) සංචාරකයින් පිරිසක් හා වතු කම්කරුවන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වූහ.
බඹර ප්‍රහාරයට ලක්වූ 25 දෙනකු දියතලාව රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
පාසල් නිවාඩු සමය බැවින් මේ දිනවල විශාල පිරිසක් ලිප්ටන් ෂීට් නැරඹීමට පැමිණෙන බවත් බඹර ප්‍රහාරය එල්ලවීමෙන් පසු එහි සිටි පිරිස කඩිනමින් ඉවත්කර සංචාරකයින්ට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර ඇති බවත් පොලිසිය පවසයි.

